ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් තාක්ෂණ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කර ඇති ඉන්දු - ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව තීරණය කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් මේ වනවිට ලැබී ඇති බව සඳහන්.
ඒ අනුව නිසි කාලරමුවකට අනුව එය සමාලෝචනය කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ඇස්තමේන්තු මුදලින් 15%ක් ලැබී තිබෙනවා.
එය ඉන්දියානු රුපියල් 450ක වටිනාකමකින් යුතු බව සඳහන්.
(colombotimes.lk)