විදේශ රැකියා අවස්ථා සොයන විට පෞද්ගලික රැකියා ආයතන පිළිබඳ විශ්වාසදායක තොරතුරු සඳහා ‘1989’ ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකි බව විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේදීයි.
එහිදී අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කළේ ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය විසින් අනුමත කරන ලද ආයතන සහ ගාස්තු පිළිබඳ සියලු තොරතුරු කාර්යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි.
එමෙන්ම කිසියම් පාර්ශවයක් අනුමත මුදලට වඩා වැඩි මුදලක් අය කරන්නේ නම් හෝ බලපත්‍රයක් නොමැතිව කිසියම් ක්‍රියාවලියකට සම්බන්ධ වන්නේ නම් විදේශ රැකියා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ගොනු කළ හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.