17 March 2025


සෞඛ්‍ය වෘත්තීයවේදීන් වැඩ වර්ජනයකට සැරසෙන ලකුණු



සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අද (17) සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් සාකච්ඡාවක් ලබාදී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.

එහි සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ අද සිය ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවයි.

සිය ගැටලු සඳහා විසඳුම් නොලැබුණහොත් හෙට (18) උදෑසන 08.00 සිට වැඩ වර්ජනයක නිරත වන බවද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)