අධිකරණ නියෝගය නොතකා ඇමරිකාව සිය ගණනක් වෙනිසියුලා ජාතිකයන් පිටුවහල් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අපරාධ කල්ලි සාමාජිකයන් බවට චෝදනා ලැබූ වෙනිසියුලානු ජාතිකයන් 200කට වැඩි පිරිසක් මෙලෙස ඇමරිකාවේ සිට එල් සැල්වදෝරයේ බන්ධනාගාරයකට පිටුවහල් කර තිබෙන බවයි.
ඇමරිකා අධිකරණය මෙම ඉවත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර තිබුණද එය නොතකා මෙම පියවර ගෙන තිබෙනවා.
එල් සැල්වදෝර ජනාධිපති නයිබ් බුකෙල් සමාජ මාධ්‍යවල සඳහන් කළේ වෙනිසියුලානු අපරාධ කල්ලියක් වන ට්‍රෙන් ඩි අරගුවා හී සාමාජිකයන් 238දෙනෙක් ඊයේ (16) උදෑසන තම රටට එවා ඇති බවයි.
එමෙන්ම MS-13 කල්ලියේ සාමාජිකයන් 23දෙනෙක්ද ඒ අතර සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)