15 March 2025


නාමයෝජනා භාරදෙන අපේක්ෂකයන්ට පෙළපාලි තහනම් වෙයි



2025 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම සඳහා නාමයෝජනා භාරගන්නා දිනයන්හිදී අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයද පැවැත්වෙන බැවින් එම සිසු සිසුවියන්ට බාධාවක් නොවන ලෙස හැසිරීමට නාම යෝජනා භාරදෙන සියලුම අපේක්ෂකයන් තරයේ වගබලා ගතයුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ප්‍රකාශ කළා.
 
ඒ අද (14) පස්වරුවේ මාධ්‍යවෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාව දැනුම්වත්කර ඇති බවත් එලෙස බාධාවන අන්දමින් යම් අපේක්ෂකයෙක් කටයුතු කළහොත් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසයි.

එමෙන්ම නාම යෝජනා භාරගැනීම මාර්තු මස 20වනදා මධ්‍යහන 12න් පසුව අවසන් වන බවත් ඉන් පසුවද කිසිදු පෙළපාලියක්, රථවාහන පෙළපාලියක් හෝ එක්රැස්වීමක් සිදුකිරීමට නීතියෙන් අවසරයක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)