01 July 2025

logo

බටලන්ද වාර්තාව ගැන කතා කරන්න රනිල් පරක්කු වැඩියි - නලින්ද



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සමබන්ධයෙන් කතා කිරීමට ප්‍රමාද වැඩි බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එම වාර්තාව මත පදනම්ව රජය නීතිමය පියවර ගන්නා බවයි.

එමෙන්ම පොරොන්දු වූ පරිදි රජය වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ බවත්, අප්‍රේල් 10 සහ මැයි මාසවල දින 2ක විවාදයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම කාරණය සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇති අතර අදාළ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවටද යොමු කරන බව අමාත්‍යවරයා කියා සිටියා. 

(colombotimes.lk)