17 March 2025


සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් වැඩ වර්ජනයකට සැරසෙයි



දීමනා විෂමතාවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් හෙට (18) දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයකට නිරත වීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේ ඊට අදාළව මුදල් අමාත්‍යාංශය නිලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පැය 03ක කාලයක් සේවාවලින් ඉවත්වී වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙම වර්ජනය පෙරවරු 10.00 සිට පස්වරු 1.00දක්වා අතර කාලයේදී ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)