09 July 2025

logo

දකුණු කොරියානු ජනපතිවරයාට එරෙහිව විරෝධතා



දෝෂාභියෝගයකින් ඉවත් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයාට විරෝධය පළ කිරීම සඳහා දහස් ගණනක පිරිසක් සෝල් අගනුවරට රැස්වී සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෝල් තවදුරටත් ජනාධිපතිධූරයේ රැදී සිටීමට සුදුසුද නැද්ද යන්න පිළිබද අධිකරණ තීරණය ඉදිරි දින කිහිපය තුළදී දැනුම්දීමට නියමිත බවයි.

අධිකරණ තීරණය දැනුම්දීමට පෙර ජනතාව ඔහුට විරෝධය පළ කිරීම සඳහා මෙලෙස රැස්වී තිබෙනවා.

ඔහුව නිදහස් කරන ලෙස අධිකරණය පසුගිය සතියේ දී නියෝග කළ අතර යුද නීතිය පැනවීම හේතුවෙන් ධූරයේ රැදී සිටීමට තවදුරටත් ඇති හැකියාව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විරෝධතාවය සඳහා ලක්ෂ ගණනක පිරිසක් සහභාගී වී තිබෙනවා.

(colombotimes.lk)