2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) උදෑසන ආරම්භ වුණා.
ඒ දිවයින පුරා මධ්‍යස්ථාන 3,663කදීයි.
වතුකරයේ සිසු සිසුවියන් විභාග මධ්‍යස්ථාන වෙත උද්‍යෝගයෙන් යුතුව පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට විභාග මධ්‍යස්ථාන කරා ගමන් කිරීමට ලංගම සහ පෞද්ගලික බස් රථද ධාවනයට එක් කර තිබෙනවා.
Colombo Times අප වාර්තාකරු සඳහන් කළේ සෑම විභාග මධ්‍යස්ථානයක් අවටම දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණ බවයි.
(colombotimes.lk)