වසරේ ගතවූ කාලය තුළ සාත්තු සේවයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් 236 දෙනෙකු ඊශ්‍රායලට පිටත්ව ගොස් තිබෙනවා.
එලෙස රැකියා හිමිවූ තවත් ශ්‍රමිකයින් 149 දෙනෙකුට විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් ගුවන් ටිකට් පත් ප්‍රදානය කිරිම ඊයේ (19) සිදු කෙරුණා.
සාත්තු සේවයේ රැකියා හිමිවූ 54 දෙනෙකුට සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 95 දෙනෙකුට එහිදී ගුවන් ටිකට් පත් ප්‍රදානය කළා.
විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කළේ ඊශ්‍රායලය සහ රජය ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමට අනුව මේ වන විට 602 දෙනෙකුට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහ 1070 කට සාත්තු සේවයේ රැකියා අවස්ථා හිමිවී ඇති බවයි.
(colombotimes.lk)