19 April 2025


ඊශ්‍රායලය ප්‍රහාරක ජෙට් යානා ලබාගැනීමට සැරසෙයි



ප්‍රහාරක යානා ලබාගැනීම සඳහා ඊශ්‍රායලය බෝයිං සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෝයිං සමාගමෙන් F15 ප්‍රහාරක ජෙට් යානා 25ක් ලබා ගැනීමට ඊශ්‍රායලය සූදානම් වන බවයි.

ඒ සඳහා ඩොලර් බිලියන 5.2ක මුදලක් වැය වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ යටතේ වාර්ෂිකව ගුවන්යානා 4ත් 6ත් අතර සංඛ්‍යාවක් සැපයීමට නියමිතයි.

(colombotimes.lk)