25 June 2025

logo

නිවේදන නොතකා මුහුදු ගිය බලපිටියේ ධීවර බෝට්ටුව පෙරළෙයි



බලපිටිය හරස්පල ධීවර තොටුපොළෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනකු රැගත් එක් දින ධීවර යාත්‍රාවක් පෙරළීම යාම හේතුවෙන් දෙදෙනෙක් මුහුදේ ගිලී ඇති බව වාර්තා වනවා.

මෙම අනතුර අද (28) උදෑසන 5.30ට පමණ සිදුව තිබෙනවා.

ඔවුන්ගේ යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වී ඇති අතර එය අලුත්වැඩියා කරමින් සිටියදී දැඩි රළ පහරකට හසුව පෙරළී ගොස් තිබෙනවා.

එහිදී බෝට්ටුවේ සිටි තිදෙනා මුහුදට වැටී ඇති අතර ඉන් එක් අයෙක් දිවි බේරා ගෙන ගොඩබිම වෙත පිහිනාවිත්  තිබූ ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර වෙරළට ගොඩ ගසා තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ බලපිටිය විජේරාම මාවතේ පදිංචි 42 හැවිරිදි අර්ල් නිශාන්ත ද සිල්වා නමැති දෙදරු පියෙකි.

ඔහු ආබාධිත වූ යුද  හමුදා සෙබළෙකි. අතුරුදන්වී ඇත්තේ බලපිටිය බ්‍රාහ්මණවත්තේ පදිංචි ප්‍රදීප් ද සිල්වා නැමැති අයෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් දිවි බේරාගෙන ඇත්තේ එම බෝට්ටුවේ අයිතිකරු වන ළහිරු ගිම්හාන ද සිල්වා නමැති අයෙක්.
(colombotimes.lk)