09 May 2025


ඉන්දියාවේ Go First ගුවන් සේවය බංකොලොත් වෙයි



මුදල් හිඟ වීම හේතුවෙන් ඉන්දියානු Go First ගුවන් සේවය බංකොලොත් භාවය අයදුම්කිරිම සඳහා වූ ක්‍රියාවලියට ඉල්ලුම් කර තිබෙනවා.

එම ආයතනය සතුව පවතින යානා වලින් අඩක් සඳහා යොදාගෙන ඇති Pratt & Whitney එන්ජින්වලට වලට දොස් පවරමින් මෙසේ සිදුකර ඇති බව සඳහන්.

ඒ අනුව ගුවන් සමාගමේ Airbus A320neo ගුවන් යානා ඇණිය සඳහා Pratt & Whitney වෙතින් කල්බදු ක්‍රමයට ගුවන් යානා Engine ලබාගෙන තිබුණා.

එමෙන්ම මෙම Engine සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන් විසින් අනතුරු අඟවා තිබූ බවද මාධ්‍ය වාර්තා වල සඳහන්.

මෙම ගැටලුව පසුගිය වසර කිහිපය තුළ ගුවන් සමාගම් කිහිපයක් සඳහා සෘජුව බලපෑම් සිදුකර තිබුණා.

මීට අමතරව 2019 වසරේදී Jet Airways බංකොලොත් භාවය සඳහා අයදුම් කිරීමෙන් පසු ඉන්දියාවේ සිදු වූ පළමු ප්‍රධාන ගුවන් සේවා බිඳවැටීම මෙයයි.

ඒ අනුව පසුගිය අප්‍රේල් 28 වන විට Go First හි මූල්‍ය ණය හිමියන්ට ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 65.21 ($ 797) ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බව සඳහන්.

සමාගම අප්‍රේල් 30 වන විට මෙම කිසිදු ගෙවීමක් පැහැර හැර නොමැති වීම විශේෂත්වයක්.

නමුත්, විකුණුම්කරුවන්ට රුපියල් බිලියන 12.02 (ඩොලර් මිලියන 146.9) සහ ගුවන් යානා බදු දෙන්නන්ට රුපියල් බිලියන 26.60 (ඩොලර් මිලියන 325) ඇතුළුව මෙහෙයුම් ණය හිමියන්ට ගෙවීම් පැහැර හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)