13 April 2025


රනිල්ට අල්ලස් කොමිසමෙන් ප්‍රතිචාරයක්



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන 23වනදායින් පසු කැඳවීමට එම කොමිසම තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු කොමිසමට නිශ්චිත වශයෙන් කැඳවන දිනය කොමිෂන් සභාව මෙතෙක් තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.

චාමර සම්පත් දසනායක ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේ රාජ්‍ය බැංකුවකින් මුදල් නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස කැඳවා තිබෙනවා.

 
(colombotimes.lk)