10 May 2025


පොහොට්ටුවේ පිරිසක් විශේෂ සාකච්ඡාවකට එක් වෙයි



2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක්  ඊයේ (05) රාත්‍රීයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, බත්තරමුල්ලේ පිහිටි හෝටලයකදී.

එම සාකච්ඡාවට ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, අලි සබ්රි ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුවී තිබෙනවා.

(colombotimes.lk)