17 May 2025


අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට



අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 9දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙන්.

කොළඹ රෝහල් චතුරශ්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටි ප්‍රදේශයට ඇතුල්වීම සහ රෝහල් කටයුතු වලට බාධා කිරීම වලක්වාළමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුලු පිරිසකට අද (16) අධිකරණ නියෝගයක් නිකුත් කළා.

ඒ  අද (16) දහවල් 12 සිට හෙට පස්වරු 5 දක්වා ඔවුන්ට එම ප්‍රදේශවලට ඇතුල්වීම තහනම් කරමින්.

 
(colombotimes.lk)