19 April 2025


කොටස් වෙළඳපොළේ දැවැන්ත පෙරළියක්



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (08) ඒකක 467.26 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,127.71ක් ලෙසයි.

එය ඊයේ (07) දිනයට සාපේක්ෂව 3.19%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙස සටහන් වී තිබෙනවා.
 
(colombotimes.lk)