ඓතිහාසික වැරදි නිවැරදි කිරීම සඳහා තමන් සමඟ එක් වන ලෙස පාර්ලිමේන්තුවේ සිටින දූෂිත නොවන දේශපාලඥයින්ට ඇරයුම් කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසනවා.
ඊයේ (26) කන්තලේ නගර ශාලාවේදී පැවති එම පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔහු පවසන්නේ ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළේ රටේ සම්පත් විකුණන පුද්ගලයා ලෙස සලකන රනිල් වික්‍රමසිංහ සමඟ එකට එක් වීමට නොවන බවත් විපක්ෂයවත්, ජනතා විමුක්ති පෙරමුණවත් ආණ්ඩුවේ පනත්වලට කිසිදු විරෝධයක් නොදක්වන බවයි.
(colombotimes.lk)