09 May 2025


සිමෙන්ති කර්මාන්තශාලාවේ යකඩ තොගය අතුරුදන් කළ අය අත්අඩංගුවට



යකඩ තොගයක් සොරකම් කළ පුද්ගලයින් විසි දෙදෙනෙකු කන්කසන්තුරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දැනට වසා දමා ඇති යාපනයේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ ගොඩගසා තිබූ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා යකඩ තොගයේ සොරකමට අදාළවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, සිමෙන්ති කම්හලේ පාලන නිලධාරියකු පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු පොලිසිය සිදුකළ පරීක්ෂණයකින් බව සඳහන්.
(Colombotimes.lk)