2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ අද (04) සිට ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක නොයෙදෙන ලෙස අපේක්ෂකයන් ඇතුළු සියලු පාර්ශව වෙත දැනුම්දෙන බවයි.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අනිද්දා පෙරවරු 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන් සංඛ්‍යාව 17,156,338ක්.
මේ අතර නිහඬ කාල සීමාව තුළ නීති උල්ලංඝනය කරන සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළා.