19 April 2025


මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩබලන පොලිස්පතිට ලිපියක්



මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් එම්. ඒ. ඩී දීගායුගේ අත්සනින් යුතුවයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සම්බන්ධ කර ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස එම ලිපිය මඟින් ඉල්ලා තිබෙනවා.

අමාත්‍ය ආනන්ද විජේපාල තම අමාත්‍යංශයේදී නිශ්ශංක සේනාධිපති මුණගැසුණු බව හැඟවෙන ආකාරයෙන් එම අසත්‍ය ප්‍රවෘත්තිය නිර්මාණය කර ඇති බව අදාළ ලිපියේ සඳහන්.


 
(colombotimes.lk)