සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදය කඩිනමින් පැවැත්වීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන ලෙස දැනුම් දෙමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමු කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ විවාද සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ජාතක ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ඊයේ (27) එම ලිපිය යොමු කර ඇති බවයි සඳහන්.
ඔවුන් පවසන්නේ සමගි ජන බලවේගය විවාදයකට අවශ්‍ය පදනම සකසා තිබියදී ජාතික ජන බලවේගය විසින් ආර්ථික කමිටු අතර විවාදය මඟ හැරීමට දරණ උත්සාහය තේරුම් ගැනීමට අපහසු බවත් ආර්ථික කමිටු අතර විවාදය පළමුවත්, දෙවනුව නායකයන් අතර විවාදයත් පැවැත්වීම පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය කිසිසේත් වෙනස් නොවන බවත්ය.
(colombotimes.lk)