10 May 2025


ජනපතිගේ යෝජනාවෙන් බැසිල් - ලන්සා හමුවක්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අතර හමුවක් පැවැත්වීමට අවශ්‍ය වී ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා මෙම රැස්වීම ලාන්සාට යෝජනා කර ඇති අතර ඔහු ඊට එකඟ වී ඇති නමුත් තම ස්ථාවරය වෙනස් නොකරන බවයි නිමල් ලන්සා පවසා ඇත්තේ.

මෙම සතියේදී පැවැත්වීමට නියමිතව එම හමුවේ අතරමැදියා ලෙස කටයුතු කිරීම වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාට පැවරී තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීම්වලට බැසිල් රාජපක්ෂගේ පැමිණීමට ලන්සාගේ නව සන්ධානය විරෝධය පළ කිරීමද විශේෂත්වයක්.

(colombotimes.lk)