ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තාවකාලික පැවිදි භාවය ලබා ගෙන තිබෙනවා.
ඒ්, ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූල ගන්ධකුටි විහාරස්ථානයේදීයි.
ඒ අනුව අද (20) පෙරවරුවේ ඒ මහතා පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන නමින් පැවිදි භාවයට ඇතුළත්වී තිබෙනවා.
එමෙන්ම ඔහුගේ පුත් සඳකැළුම් රාජපක්ෂ මහතාද පූජ්‍ය අම්පාරේ ධම්මාලෝක නමින් මෙම අවස්ථාවේදීම තාවකාලික පැවිදි භාවයට ඇතුළත් වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)