colombotimes.lk
සිංහල | English

18 October 2024


පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙඳුන් කොටු වෙයි



උත්සව සමයේ පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙඳුන් 726 දෙනෙකුට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා සඳහන් කළේ, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරන බවයි.

ඒ අනුව වසරේ ගතවූ කාලසීමාව තුළ වෙළඳපොල වැටලීම් 7,627ක් සිදුකර තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)