සෑම මාසයකදීම අලුතින් විවෘත කරන සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගොනු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි නව ක්‍රමවේදයක් කම්කරු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ක්‍රියාවට නංවන බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඒ අද (08) පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින්.
ජාතික ඉතිරි කිරීම්, නව ආයෝජන, ප්‍රාග්ධනය සැපයීම් යනාදී තොරතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ හැකි බවත් කාන්තා ශ්‍රම දායකත්වය සම්බන්ධයෙන් තොරතුරු මෙමගින් රැස් කර ගත හැකි බවත් ඔහු සඳහන් කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම නව ක්‍රමවේදය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ලබා දෙන බවයි.