colombotimes.lk
සිංහල | English

02 May 2024

බ්‍රිතාන්‍යයන්ට ඉන්දියාව අල්ලා දුන් 'නිරුවත්' රණශූරයා



බ්‍රිතාන්‍යයන්ට ඉන්දියාව යටත්වූ ආකාරය සම්බන්ධයෙන් කියවෙන පැරණි චිත්‍ර වල එක් රණශූරයෙක් සිටිනවා. 

ඔහු එම සිතුවම් වල නිරුවතින් සිටීම විශේෂත්වයක්. 
 
ඒ වගේම ඉතිහාස කතා වල ඔහු භයානක අණ දෙන නිලධාරියෙකු ලෙස නම් කර තිබෙනවා. 
 
 
එයට හේතුව වන්නේ, ඔහු කාලතුවක්කු වලින් සන්නද්ධව යුධ පිටියට යන පුද්ගලික හමුදාවක් මෙහෙයවීමයි. 
 
මොහු නමින් අනුප්ගිරි ගොසේන් Anupgiri Gosain ලෙස හැඳින්වෙනවා. 
 
ඒ විතරක් නෙමෙයි ශිව දෙවියන්ට කැප වූ ඉන්දියාවේ සිටි පූජනීය ශුද්ධ මිනිසුන්ගෙන් කෙනෙකු ලෙසද ප්‍රසිද්ධියක් උසුලනවා. 
 
එමෙන්ම ලොව විශාලතම ආගමික උත්සවය වන කුම්භමේලාවේ (Kumbh Mela) දක්නට ලැබෙන්නේ මොහුගේ රුව බවයි පැවසෙන්නේ. 
 
 
ඒ වගේම ඔහුගේ යුධ ජයග්‍රහණ පිළිබඳව පොත් පත් රැසක සඳහන් වී තිබෙනවා.
 
> පානිපාට් (1761) සටනේදී ඔහු මරාටාවරුන්ට එරෙහිව මෝගල් අධිරාජ්‍යයාගේ සහ ඇෆ්ගන්වරුන්ගේ පැත්තෙන් සටන් කළා. 
> වසර තුනකට පසු ඔහු බ්‍රිතාන්‍යයන්ට එරෙහිව බුක්සාර් සටනේදී මෝගල් හමුදා සමඟ පැමිණ සිටියා. 
> දිල්ලියේදී නජාෆ් ඛාන්ගේ නැගීම සඳහා අනුප්ගිරි ද ප්‍රධාන භූමිකාවක් ඉටු කළා. 
> පසුව ඔහු මරාටාවරුන්ට පිටුපා ඉංග්‍රීසීන් සමඟ එකතු වී තිබුණා. 
> ඔහුගේ ජීවිතයේ අවසානයේ දී (1803), ඔහු බ්‍රිතාන්‍යයන් අතින් මරාටාවරුන් පරාජය කිරීමට කටයුතු කළා. 
> එමෙන්ම දිල්ලිය බ්‍රිතාන්‍ය අල්ලා ගැනීමට උදව් කළේ මොහුයි.
 
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)