මෙම මාසයේ පළමු සතිය තුළ පමණක් සංචාරකයන් 38,615ක් මෙරටට පැමිණ තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩි සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.
එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය සහ බංගලාදේශ යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ තිබෙනවා.
වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයන් 760,897දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)