19 April 2025


රන් මිලෙහි කැපී පෙනන වෙනසක්



පසුගිය දිනයට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (16) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 977,664ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය පසුගිය 11වනදා සටහන් වුණේ රුපියල් 963,169ක් ලෙසයි.

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 252,950ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,620ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,490ක් ලෙස සටහන් වුණා.

 
(colombotimes.lk)