colombotimes.lk
සිංහල | English

19 May 2024

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේදී



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය අදියර 2ක් යටතේ සිදු කරන බවයි.

ඒ සඳහා අවශ්‍ය වන පරීක්ෂකවරු ගණන 35,000ක් වන අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී ඊයේ (06) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුණා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී සති දෙකක් ඇතුළත උසස් පෙළ පන්ති ආරම්භ කරන බවයි.
(colombotimes.lk)