මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ල ජූලි 11වනදා යළි කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ අදාළ පැමිණිල්ල අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කඳවු අවස්ථාවේදීයි.
යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොර්ස්ට් එහිදී අධිකරණයේ පෙනී සිටි බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බවයි.