08 May 2025


මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම සම්බන්ධයෙන් නියෝගයක්



2024 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් එස්. එම්. පී. සූරිය බණ්ඩාර පත් කිරීමට ගත් තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (08) රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි 2024 වසරේ මාර්තු මස 05වනදා සිට බලපැවැත්වෙන පරිදි එම තනතුර සඳහා පත් කරන ලෙස අධිකරණය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාට තවත් නියෝගයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පත්කිරීම අභියෝගයට ලක් කරමින් කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර්ගෙන් සහ සරත් දිසානායකගෙන් සමන්විත  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

 
(colombotimes.lk)