colombotimes.lk
සිංහල | English

04 May 2024

සාමාන්‍ය පෙළ විභාගය ගැන දැනුම්දීමක්



මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදු කරන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම අප්‍රේල් මස 30 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කර ගනිමින් සිදු කරන කටයුතු අත්හිටුවන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඒ අනුව එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්විමට සැලසුම් කර තිබෙනවා.