09 May 2025


මෙරට චොකලට් එකකින් මිනිස් ඇගිල්ලක කොටසක් මතුවෙයි (PHOTOS)



චොකලට් එකක මිනිස් ඇගිල්ලක කොටසක් හමු වී තිබෙන පුවතක් මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

එය මහියංගනය රෝහලේ කාර්යමණ්ඩලයේ සේවය කරන නිළධාරීනියක් රෝහලේ ආපනශාලාවෙන් කෑමට ගත් බව සඳහන්.

මහියංගණය සෞඛ්‍ය අංශය විසින් ඒ පිළිබඳව විමර්ශන කටයුතු අරඹා තිබෙනවා.

පසුව ඒ සම්බන්ධයෙන් අනාවරණය වුණේ, එය මිනිස් මාපටැඟිල්ලක් බවයි.

මේ බව මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් තහවුරු කළා.

එමෙන්ම මහියංගණය රෝහල් ආපනශාලාවේ මෙන්ම මුළු ප්‍රදේශයේම වෙළෙඳසැල්වල විකිණීමට තිබූ සියලුම චොක්ලට් වැඩිදුර පරීක්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා
(Colombotimes.lk)