යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට (19) පැවැත්වීමට නියමිත 'ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය' සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන බව රණවිරු සේවා අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන සඳහන් කළේ සේනාධිනායකවරයා ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.