මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී නෞකාවේ කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු කොටස් නෞකාව තුළට කඩා වැටී ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේදී 277කට ආසන්න පිරිසක් නෞකාව තුළ සිට තිබෙනවා.
එහිදී පුද්ගලයින් 22කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවත් ඉන් තිදෙනෙක්ගේ තත්ත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
අනතුරින් පාලමට කිසිදු හානියක් සිදුව නොමැති බව නිව්යෝර්ක් නගරාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)