18 May 2025


උඩරට දුම්රිය මාර්‌ගයේ දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්



උඩරට දුම්රිය මාර්‌ගයේ දුම්රිය ධාවන කටයුතු අද (18) දින සාමාන්‍ය පිරිදි සිදුවී තිබෙනවා.

ඒ දුම්රිය ස්ථානාධිපත්වරුන් විසින් පසුගිය 16වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්‌ගය ඊයේ (17) රාත්‍රියේ නිමා කිරිමත් සමඟයි.

හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් සඳහන් කළේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කළද උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කිරිමට එතරම් මගීන් සංඛ්‍යාවක් නොමැති බවයි.

(colombotimes.lk)