03 September 2025

logo

යුක්‍රේන - රුසියා යුද්ධයට ට්‍රම්ප් මැදිහත් වෙයි



රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඉදිරි පැය 24 තුළ දුරකථන සංවාදයක නියැලෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී යුක්‍රේනය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි.

රුසියානු ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාවෙන් අනතුරුව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ ඇතැම් නේටෝ රටවල නායකයින් සමඟද කතාබහ කිරීමට සූදානම් බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)