05 May 2025


බෝම්බ ප්‍රහාරයකින් 7දෙනෙක් ජීවිතක්ෂයට



දකුණු සුඩානයේ ෆන්ගක් ප්‍රාන්තයේ රෝහලකට සහ වෙළඳපොළකට සිවිල් යුධ කණ්ඩායමක් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 7දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් 20දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි.

මේ අරෝහල එම ප්‍රාන්තයේ ඇති එක රෝහල බවයි වාර්තා වන්නේ.

යුධ මෙම ප්‍රහාරයත් සමඟ එම රෝහලේ සියලුම වෛද්‍ය සැපයුම් විනාශ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ සුඩාන රජය විසින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

(colombotimes.lk)