කොළඹ නගරයේ සිටින ලක්ෂ 10 කට අධික ජනතාව දිනකට පරිහෝජනයට යොදා ගන්නා ආහාර ප්‍රමාණයෙන් වැඩි කොටසක් අපතේ හරින බව වාර්තා වනවා.
ඒ බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් විද්වතුන් 16ක් විසින් සකස් කළ වාර්තාවකට අනුව මෙය අනාවරණය වී තිබෙනවා.
කොළඹ නගරය තුළ ලක්ෂ හයක ජනගහනයක් ජීවත් වන අතරම දිනපතා ලක්ෂ පහකට අධික පිරිසක් කොළඹට බාහිර ප්‍රදේශවලින් පැමිණෙන අතර මෙම පුද්ගලයින් විසින් දිනකට පරිභෝජනය කරනු ලබන ආහාර ප්‍රමාණයෙන් වැඩි කොටසක් අපතේ හරින බවයි මෙම වාර්තාවේ සඳහන්ව ඇත්තේ.
ආහාර මිල ඉහළ යාම කෙරෙහි ආහාරවල ඇති හිඟකම මෙන්ම කිසියම් ආහාර ද්‍රව්‍යයක් කොළඹට පැමිණීමට ගමන් කෙරෙන දුර ප්‍රමාණය ද බලපාන ආකාරය මෙම වාර්තාව පෙන්වා දී තිබෙනවා.
මෙම අධ්‍යයනය අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන ආහාර අපතේ යාම රටේ ජාතික වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාම කෙරෙහි බලපාන ආකාරය පැහැදිලි කර ඇති බව සඳහන්.
(Colombotimes.lk)