10 May 2025


ආණ්ඩුවේ ව්‍යාපෘතිවලට එරෙහිව පෙත්සමක්



පැෆරල් සංවිධානය විසින් ඉදිරි මැතිවරණවලදී ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවලට වාසි ලබා ගැනීමේ ආණ්ඩුවේ ව්‍යාපෘතිවලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, අමාත්‍ය මණ්ඩලය විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව ප්‍රකාශ කරන ලෙසත්ය.

එමෙන්ම මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පැෆරල් සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.
 
ඔවුන් පවසන්නේ සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර කාලයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී එවැනි ව්‍යාපෘති සිදු කිරීම මැතිවරණ නීතිවලට අනුව තහනම් බවත් ඒ අනුව ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත්ය.

(colombotimes.lk)