05 May 2025


ඖෂධ මිල පහළ දැමීමේ සූදානමක්



ඖෂධ මිල පහත හෙළිමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා රජයේ සූදානම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.

එම සාකච්ඡාව සඳහා සමස්ත ලංකා ඖෂධශාලා හිමියන්ගේ සංගමය, ඖෂධ ආයෝජන මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ඖෂධ ගෙන්වීම හා බෙදාහැරීමට සම්බන්ධ සියලු නියෝජිතයන් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඖෂධ මිල පහත හෙළිමේ අවශ්‍යතාවය සහ හිඟයකින් තොරව ඖෂධ සැපයිමේ කටයුතු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී කරුණු පැහැදිලි කර තිබතිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට බහුලව භාවිත වන ඖෂධ කිහිපයක වර්තමාන මිල සහ මිල සූත්‍රය යෙදීමෙන් මිල පහළයාම පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඖෂධ ආයෝජන මණ්ඩලයට උපදෙස් ලබාදුන් බවයි.

(colombotimes.lk)