23 June 2025


බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය මාලිමාවට



බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්වී තිබෙනවා. 

ඒ අනුව එහි නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රත්නායක මුදියන්සේලාගේ සාගර ධීර විශ්වවික්‍රම තේරී පත්වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

අද (11) පැවැති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 04ක් ලබා ගනිමින් ඔහු නගරාධිපතිවරයා ලෙස පත්වී තිබෙනවා. 

පසුගිය මැයි 6වනදා පැවති පළාත් පාලන මැතිවරණයේදී බණ්ඩාරවෙල මහ නරග සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 06ක් හිමිවූ අතර ස්වාධීන කණ්ඩායම් අංක එක සඳහා මන්ත්‍රී ධූර 05ක් හිමිවුණා. 

එහිදී සමගි ජන බලවේගය සඳහා හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 03ක්. 

 
(colombotimes.lk)