22 June 2025


රට තුළ පවතින ඉන්ධන සංචිත ගැන දැනුම්දෙයි



රට තුළ මාස 02කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. 

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සඳහන් කළේ මෙරට ඉන්ධන ක්ෂේත්‍රයේ මෙහෙයුම් සිදු කරන විදෙස් සමාගම් 03 ඉදිරි මාස සඳහා ප්‍රමාණවත් සංචිත පවතින බවට දැනුම්දී ඇති බවයි.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඉදිරි මාස 02කට ප්‍රමාණවත් සංචිත පවතින බවද ලේකම්වරයා තහවුරු කර තිබෙනවා.
 
බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ සිංගප්පූරුව හරහා දැනට ඇනවුම් කර ඇති ඉන්ධන තොග නියමිත වේලාවට ලබාදෙන බවට ද තහවුරු කර ඇති බවයි.

(colombotimes.lk)