පවතින IMF ගිවිසුම සංශෝධනය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කර තිබෙනවා.
ඒ අද (10) ජනාධිපති ලේකම්කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදීයි.
එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව 2028 වසරේදී විදේශ ණය ගෙවීමට නම් ඉහළ ආර්ථික වර්ධනයක් හා රාජ්‍ය ආදායමක් නඩත්තු කළ යුතු බැවින් මේ ගැන අවධානය යොමු කරන ලෙසයි.
ඒ අනුව 2028 වසරේදී ණය ගෙවීමට නම් 2025, 2026 හා 2027 යන වසරවල ඉහළ ආර්ථික වර්ධනයක් හා රාජ්‍ය ආදායමක් නඩත්තු කළ යුතු බවත් පවතින තත්ත්වය මත එය අපහසු වන බැවින් 2033 සිට නැවත විදේශ ණය ගෙවීමට IMF සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඔහු යෝජනා කර තිබෙනවා.