23 January 2026

logo

ඉදිරියේදී සහල් අඩුමිලට ලබාදීමට සැලසුම්



ඉදිරියේදී පාරිභෝගිකයන්ට සහල් අඩුමිලට ලබාදීමට හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ සේමසිංහ ප්‍රකාශ කළා.

ඒ අනුරාධපුරයේ ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර ගොවීන් සඳහන් කළේ මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති පසුබිමක රජය තවමත් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් නොකිරීම හමුවේ තමන් ගැටලු‍ රැසකට මුහුණපා ඇති බවයි.

ඒ අනුව මහ කන්නයේ වී කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 140ක සහතික මිලක් අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත්කළ යුතු බව ගොවීන් කියා සිටියා.  

(colombotimes.lk)