30 April 2025


බස්නාහිරට කාර්ය සාධන බලකායක්



ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින චිකන්ගුන්යා සහ ඩෙංගු රෝගය තුරන් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් පිළිබඳව වන මූලික සාකච්ඡාවක් අද (30) පවත්වා තිබෙනවා.

ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි.

මෙම සාකච්ඡාව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුකාරවර හනීෆ් යූසුෆ් විසින් බස්නාහිර පළාතෙන් චිකන්ගුන්යා සහ ඩෙංගු උවදුර තුරන් කිරීම වෙනුවෙන් “War on Dengue” යන මැයෙන් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

එම කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්. ඒ කළුකපුආරච්චි පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)