2020 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ දුම්රියේ ගැටී වන අලි 53ක් මියගොස් ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.
ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්ගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
2018 පැවති තත්ත්වය මේ වන විට වෙනස් වී ඇති බවත් මෑත කාලීනව අලි 200ක් පමණ දිනපතා දුම්රිය මාර්ග අවට ගැවසෙන බවත් හඳුනාගෙන ඇති බව එහිදී නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.
(colombotimes.lk)