02 June 2025


උතුරු ගාසා තීරයේ අවසන් රෝහලට ඊශ්‍රායලය දුන් නියෝගය



ඊශ්‍රායල නියෝග හමුවේ උතුරු ගාසා තීරයේ තිබූ අවසන් රෝහලේ ද කටයුතු නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. 

එහි වෛද්‍යවරයෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ උතුරු ගාසා හී ජබාලියා ප්‍රදේශයේ පිහිටි අල් අවුදා රෝහලේ කටයුතු මෙලෙස නතර කර ඇති බවයි.

මේ සමඟ එම ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් සපයන කිසිදු ස්ථානයක් ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා විසින් ලබාදුන් නියෝග මත මෙලෙස එම රෝහලේ කාර්යය මණ්ඩලය ඉවත් වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවලියට මෙතෙක් හමාස් සංවිධානය එකඟතාව පළකර නොමැති බවයි. 


(colombotimes.lk)