ආදිවාසීන්ට විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වන සංරක්ෂක සහ වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ වැදි ජනයාට වනාන්තරවලට ඇතුළු වී වනයේ සම්පත් බාධාවකින් තොරව භාවිතා කරමින් තම ජීවිකාව ගෙනයාම පහසු කිරීම සඳහායි.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දඹාන සහ රතුගල ආදිවාසීන්ට හැඳුනුම්පත් ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.
වන සංරක්ෂක සහ වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආදිවාසී ප්‍රජා නායකයන් විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයන්ට පමණක් මෙම විශේෂ හැඳුනුම්පත් හිමි වන බවයි.
(colombotimes.lk)